අප මහා බෝසතාණන් වහන්සේ මඝ නම් මානවකයෙකු වී මෙත් කරුණා මුදිතා උපේක්ෂා දී ගුණධර්මයන් සම්පූර්න කරමින් මනුලොව දී පුරන ලද අසම සම වත් පුරුදු කරමින් සත්පුරුෂ ගුණ පුරන්නට, දෙව් මිනිසුන්ගේ පැහැදීම ලබන්නට, මෙලොව පරලොව සැප ලබන්නට, සුරලොව සත්පුරුෂයන් අතර උපදින්නට පුරනා පුණ්‍ය ප්‍රතිපදාවයි…

1

මම දිවි තිබෙන තුරා මව්පියන්ට සළකන කෙනෙක් වෙනවා.

2

මම දිවි තිබෙන තුරා කුලදෙටුවන් පුදන කෙනෙක් වෙනවා.

3

මම දිවි තිබෙන තුරා මිහිරි වචන කියන කෙනෙක් වෙනවා.

4

මම දිවි තිබෙන තුරා කේළාම් නොකියන කෙනෙක් වෙනවා.

5

මම දිවි තිබෙන තුරා මසුරුමල දුරුකරපු සිතින් වාසය කරනවා. දන් දෙන්න හිතාගෙනම දෑත් සෝදාගත්තු කෙනෙක් වෙනවා....

6

මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචනම කියන කෙනෙක් වෙනවා.සත්‍ය වචන පමණක්ම කියන කෙනෙක්

7

මම දිවි තිබෙන තුරාවට ක්‍රෝධ නැතුව ඉන්නවා. යම් හෙයකින් මං තුළ ක්‍රෝධයක් ඇතිවුනොත්, ඒක ඉක්මනින්ම දුරුකරලා දානවා.